Search in This Blog

2019/01/27

ශ්‍රී ලාංකිකයෙක් ල‌ොව මුල්ම බැඩ්මින්ටන් පුහුණු විය හැකි යන්ත්‍රය නිපදවයි!

ඕවිටිගල ගමේ ඉපිද මතුගම සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය‌ෙන් හා කොළඹ නාලන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති මහේෂ් විජේගුණවර්ධන මහතා 1985 දී ඇම‌ෙරිකාවේ ඔහායෝ ප‍්‍රාන්ත විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පරිගණක ක්‍ෂේත‍්‍රයේ අධ්‍යාපනය හදාරා මේ වනවිට ඇම‌ෙරිකාවේ නේෂන් වයිඩ් කෝපරේෂන් සමාගමට අනුබද්ධිත ඇම‌ෙරිකාවේ විශාලතම රක්‍ෂණ සමාගමක් වන නේෂන්වයිඩ් රක්‍ෂණ ආයතනයෙහි වරලත් ජ්‍යෙෂ්ඨ පරිගණක සැලසුම් ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරයි.
තම මවගේ මග පෙන්වීම මත මෙරටදී බැඩ්මින්ටන් ක‍්‍රීඩාව ප‍්‍රගුණ කර තිබූ මහේෂ් මහතා තමා සේවය කරන සමාගමෙහි බැඩ්මින්ටන් ලීගයක් අරඹා එම ප‍්‍රාන්ත තරගවලින් ජයග‍්‍රහණ ද ලබා ඇත.
මහේෂ් විජේගුණවර්ධන මහතා
මහේෂ් විජේගුණවර්ධන මහතා
බැඩ්මින්ටන් ක‍්‍රීඩකයෙකුට විධිමත්ව පුහුණු වීම සඳහා යොදා ගත හැකි යන්ත‍්‍රයක් නොතිබීමේ අඩුව තේරුම් ගත් මහේෂ් මහතා තම පරිගණක ක්‍ෂේත‍්‍රයේ දැනුම හා 3D තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වසර දහසයක් පමණ කාලයක් පර්යේෂණ කර ලොව ප‍්‍රථම ස්වංක‍්‍රීය ඩිජිටල් ලේසර් තාක්‍ෂණයෙන් යුත් බැඩ්මින්ටන් ෂටල් සර්වර් යන්ත‍්‍රය නිපදවීය.මෙමගින් සාමාන්‍ය මට්ටමේ බැඞ්මින්ටන් ක‍්‍රීඩකයෙකුට මෙන්ම ඔලිම්පික් මට්ටමේ ක‍්‍රීඩකයකුටද විධිමත් පුහුණුවක් තනිවම ලබා ගත හැකි බව මහේෂ් මහතා පවසයි.
තම ෂටල් සර්වර් යන්ත‍්‍රය සඳහා ඇමරිකා එක්සත් ජනපද පේටන්ට් බලපත‍්‍රයද මහේෂ් විජේගුණවර්ධන මහතා හිමිකර ගෙන ඇත.
තම යන්ත‍්‍රය අනාගතයේදී ලංකාවේ නිෂ්පාදනය කිරීමට හා මෙරට තුළ බැඩ්මින්ටන් ක‍්‍රීඩාව විධිමත්ව පුහුණු පාසල් සඳහා නිෂ්පාදන පිරිවැයට පමණක් යන්ත‍්‍ර ලබාදීමට අදහස් කරගෙන සිටින මෙතුමා ඒ වෙනුවෙන් රජයේ සහයෝගය අපේක්‍ෂා කරයි. එමෙන්ම මෙතුමා තම මතුගම පාසලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ සංසදයේ සම්බන්ධීකරණයෙන් හා අධීක්‍ෂණයෙන් තම දෙමාපියන් අනුස්මරණය කිරීමට කෝටියක් වියදම් කර ගෘහස්ථ ක‍්‍රීඩාංගණය ඉදිකිරීමද සිදුකර ඇත.