පසුගිය මාසයේ එනම් 2017/02/08 වැනි දින අපගේ blog අඩවියේ පළවූ ලෝහමය හයිඩ්‍රජන් සාම්පලය විද්‍යාගාරය තුළ තැන්පත් කර තිබිය දී අතුරුදන් ව ඇත. පර්යේෂකයන් පවසන පරිදි දියමන්තිමය රඳවනයක නිරපේක්‌ෂ ශුන්‍යයට ආසන්න අධි ශීත පරිසරයක රඳවා තිබූ මෙය අස්‌ථානගත ව හෝ නැතහොත් ස්‌වාභාවිකව ම යළි වායුමය තත්ත්වයට හෝ පත් ව ඇත. ඉහත සඳහන් හේතු ද්විත්වයෙන් නිශ්චිතවම කුමක් සිදුවූවා දැයි තමන් පවා නො දන්නා බව මහාචාර්ය අයිසැක් සිල්වේරා පවසයි. විශ්වයේ කොතැනකවත් ස්‌වාභාවිකව දක්නට නොමැති හයිඩ්‍රජන් ලෝහය සම්බන්ධයෙන් මහාචාර්ය සිල්වේරා මෙම පරීක්‌ෂණය පවත්වා ඇත්තේ ශ්‍රී ලාංකික පර්යේෂකයකු වන ආචාර්ය රංග ඩයස් සමඟය.
මේ සම්බන්ධයෙන් විවේචන එල්ල කළ විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ පර්යේෂණය මෙහෙයවූවන් පීඩනය මැන ඇත්තේ සමස්ත පර්යේෂණයේ එක් අදියරක දී පමණක් බැවින් නිවැරැදි පීඩනය මැනීමට නම් පීඩනය වැඩි වූ ආකාරය පිළිබඳව සමස්‌ත දත්ත ඔවුන් සතුව තිබිය යුතු බවයි. එසේම මෙම පරීක්‌ෂණය නැවත සිදුකර පෙන්වන ලෙස ඔවුහු පර්යේෂකයන් දෙපළ ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.
ඊට ප්‍රතිචාර දැක්‌වූ සිල්වේරා සහ ඩයස් යන පර්යේෂකයන් දෙදෙනා පවසා සිටියේ ඕනෑ ම අයෙකුට මෙය නැවත සිදුකර බලන ලෙසයි. එමෙන් ම තමන් ද මෙය නැවත සිදුකර බැලීමට සූදානම්ව සිටින බව ඔවුන් තව දුරටත් ප්‍රකාශ කර තිබුණි.
යොදා ගත් සාම්පලය අතුරුදන් වීම සහ පර්යේෂණයේ ප්‍රතිඵලයේ නිරවද්‍යභාවය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඕනෑ ම පරීක්‌ෂණාගාරයක මෙවැනි සිදුවීම් සිදුවිය හැකි බවත් පර්යේෂණය මෙහෙයවූ සිල්වේරා මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙන් පවසා සිටියේය.