Search in This Blog

2019/01/27

ශ්‍රී ලාංකිකයෙක් ල‌ොව මුල්ම බැඩ්මින්ටන් පුහුණු විය හැකි යන්ත්‍රය නිපදවයි!

ඕවිටිගල ගමේ ඉපිද මතුගම සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය‌ෙන් හා කොළඹ නාලන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති මහේෂ් විජේගුණවර්ධන මහතා 1985 දී ඇම‌ෙරිකාවේ ඔහායෝ ප‍්‍රාන්ත විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පරිගණක ක්‍ෂේත‍්‍රයේ අධ්‍යාපනය හදාරා මේ වනවිට ඇම‌ෙරිකාවේ නේෂන් වයිඩ් කෝපරේෂන් සමාගමට අනුබද්ධිත ඇම‌ෙරිකාවේ විශාලතම රක්‍ෂණ සමාගමක් වන නේෂන්වයිඩ් රක්‍ෂණ ආයතනයෙහි වරලත් ජ්‍යෙෂ්ඨ පරිගණක සැලසුම් ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරයි.
තම මවගේ මග පෙන්වීම මත මෙරටදී බැඩ්මින්ටන් ක‍්‍රීඩාව ප‍්‍රගුණ කර තිබූ මහේෂ් මහතා තමා සේවය කරන සමාගමෙහි බැඩ්මින්ටන් ලීගයක් අරඹා එම ප‍්‍රාන්ත තරගවලින් ජයග‍්‍රහණ ද ලබා ඇත.
මහේෂ් විජේගුණවර්ධන මහතා
මහේෂ් විජේගුණවර්ධන මහතා
බැඩ්මින්ටන් ක‍්‍රීඩකයෙකුට විධිමත්ව පුහුණු වීම සඳහා යොදා ගත හැකි යන්ත‍්‍රයක් නොතිබීමේ අඩුව තේරුම් ගත් මහේෂ් මහතා තම පරිගණක ක්‍ෂේත‍්‍රයේ දැනුම හා 3D තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වසර දහසයක් පමණ කාලයක් පර්යේෂණ කර ලොව ප‍්‍රථම ස්වංක‍්‍රීය ඩිජිටල් ලේසර් තාක්‍ෂණයෙන් යුත් බැඩ්මින්ටන් ෂටල් සර්වර් යන්ත‍්‍රය නිපදවීය.මෙමගින් සාමාන්‍ය මට්ටමේ බැඞ්මින්ටන් ක‍්‍රීඩකයෙකුට මෙන්ම ඔලිම්පික් මට්ටමේ ක‍්‍රීඩකයකුටද විධිමත් පුහුණුවක් තනිවම ලබා ගත හැකි බව මහේෂ් මහතා පවසයි.
තම ෂටල් සර්වර් යන්ත‍්‍රය සඳහා ඇමරිකා එක්සත් ජනපද පේටන්ට් බලපත‍්‍රයද මහේෂ් විජේගුණවර්ධන මහතා හිමිකර ගෙන ඇත.
තම යන්ත‍්‍රය අනාගතයේදී ලංකාවේ නිෂ්පාදනය කිරීමට හා මෙරට තුළ බැඩ්මින්ටන් ක‍්‍රීඩාව විධිමත්ව පුහුණු පාසල් සඳහා නිෂ්පාදන පිරිවැයට පමණක් යන්ත‍්‍ර ලබාදීමට අදහස් කරගෙන සිටින මෙතුමා ඒ වෙනුවෙන් රජයේ සහයෝගය අපේක්‍ෂා කරයි. එමෙන්ම මෙතුමා තම මතුගම පාසලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ සංසදයේ සම්බන්ධීකරණයෙන් හා අධීක්‍ෂණයෙන් තම දෙමාපියන් අනුස්මරණය කිරීමට කෝටියක් වියදම් කර ගෘහස්ථ ක‍්‍රීඩාංගණය ඉදිකිරීමද සිදුකර ඇත.

2017/03/03

විශ්වයේ කොතැනකවත් නොමැති හයිඩ්‍රජන් ලෝහ සාම්පලය අතුරුදන් වේ!

පසුගිය මාසයේ එනම් 2017/02/08 වැනි දින අපගේ blog අඩවියේ පළවූ ලෝහමය හයිඩ්‍රජන් සාම්පලය විද්‍යාගාරය තුළ තැන්පත් කර තිබිය දී අතුරුදන් ව ඇත. පර්යේෂකයන් පවසන පරිදි දියමන්තිමය රඳවනයක නිරපේක්‌ෂ ශුන්‍යයට ආසන්න අධි ශීත පරිසරයක රඳවා තිබූ මෙය අස්‌ථානගත ව හෝ නැතහොත් ස්‌වාභාවිකව ම යළි වායුමය තත්ත්වයට හෝ පත් ව ඇත. ඉහත සඳහන් හේතු ද්විත්වයෙන් නිශ්චිතවම කුමක්‌ සිදුවූවා දැයි තමන් පවා නො දන්නා බව මහාචාර්ය අයිසැක්‌ සිල්වේරා පවසයි. විශ්වයේ කොතැනකවත් ස්‌වාභාවිකව දක්නට නොමැති හයිඩ්‍රජන් ලෝහය සම්බන්ධයෙන් මහාචාර්ය සිල්වේරා මෙම පරීක්‌ෂණය පවත්වා ඇත්තේ ශ්‍රී ලාංකික පර්යේෂකයකු වන ආචාර්ය රංග ඩයස්‌ සමඟය.

මේ සම්බන්ධයෙන් විවේචන එල්ල කළ විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ පර්යේෂණය මෙහෙයවූවන් පීඩනය මැන ඇත්තේ සමස්ත පර්යේෂණයේ එක්‌ අදියරක දී පමණක්‌ බැවින් නිවැරැදි පීඩනය මැනීමට නම් පීඩනය වැඩි වූ ආකාරය පිළිබඳව සමස්‌ත දත්ත ඔවුන් සතුව තිබිය යුතු බවයි. එසේම මෙම පරීක්‌ෂණය නැවත සිදුකර පෙන්වන ලෙස ඔවුහු පර්යේෂකයන් දෙපළ ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ. 

ඊට ප්‍රතිචාර දැක්‌වූ සිල්වේරා සහ ඩයස්‌ යන පර්යේෂකයන් දෙදෙනා පවසා සිටියේ ඕනෑ ම අයෙකුට මෙය නැවත සිදුකර බලන ලෙසයි. එමෙන් ම තමන් ද මෙය නැවත සිදුකර බැලීමට සූදානම්ව සිටින බව ඔවුන් තව දුරටත් ප්‍රකාශ කර තිබුණි. 

යොදා ගත් සාම්පලය අතුරුදන් වීම සහ පර්යේෂණයේ ප්‍රතිඵලයේ නිරවද්‍යභාවය අතර කිසිදු සම්බන්ධයක්‌ ‍නොමැති බවත් ඕනෑ ම පරීක්‌ෂණාගාරයක මෙවැනි සිදුවීම් සිදුවිය හැකි බවත් පර්යේෂණය මෙහෙයවූ සිල්වේරා මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙන් පවසා සිටියේය.

2017/02/08

විශ්වයේ කොතැනකවත් නැති හයිඩ්‍රජන් ලෝහය තැනූ ඇමෙරිකාවේ ශ්‍රී ලාංකික පර්යේෂකයා

දියමන්ති තුඩු දෙක. මැද තිබෙන 
රතු පැහැති කොටසෙහි හයිඩ්‍රජන් 
අනුව රදවනු ලැබේ
2016 ඔක්‌තෝබර් 15 වැනිදා ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අයිසැක්‌ සිල්වේරා ලොව පුරා සිටින සිය වෘත්තීය සහෝරදරයන්ට පණිවුඩයක්‌ යවමින් ඒ මාසයේ අන්තිමට සිය පර්යේෂණාගාරයට පැමිණෙන ලෙස ආරාධනයක්‌ කළේය. නූතන ලෝකයේ සිටින විශිෂ්ටතම භෞතික විද්‍යාඥයකු වන අයිසැක්‌ සිල්වේරා සිය පර්යේෂණ සියල්ල සිදු කළේ ශ්‍රී ලාංකික පර්යේෂකයකු වන ආචාර්ය රංග ඩයස්‌ සමඟය. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයෙන් 2006 වස‍රේදී BSc. උපාධිය ලබන රංග ඩයස්‌ ඉන් වසරකට පසු ඇමරිකාවේ වොෂිංටන් රාජ්‍ය විශ්වවිද්‍යාලයට පැමිණ ආචර්ය උපාධිය ලබා ගත්තෙකි. මහාචාර්ය අයිසැක්‌ සිල්වේරා නමින් හාවඩ් විශ්වවිද්‍යාලයේ පිහිටුවා ඇති විද්‍යාගාරයේ පර්යේෂකයකු ලෙස 2013 දී වැඩ භාර ගන්නා ඔහු පසුගිය දිනවල පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණයක නිරත විය. ඝන ද්‍රව්‍යවල චර්යාව, ලෝහ බවට පත්වීමේ ක්‍රියාවලිය, සුපිරි සන්නායක තත්ත්වය සහ චුම්බක අනුක්‍රමය එම පර්යේෂණයේ විෂය පථය විය.මහාචාර්ය අයිසැක්‌ සිල්වේරා, ඔක්‌තෝබර් අන්තිමට තම පර්යේෂණගාරයට එන්නැයි මිත්‍රයන්ට ආරාධනා කරන්නේ රංග ඩයස්‌ සමඟ කළ හයිඩ්‍රජන් වායුව එකම අමුද්‍රව්‍යය ලෙස යොදා ගෙන ලෝහ තැනීමේ පර්යේෂණය‍ේ ප්‍රතිඵලය පෙන්වීමටය. Metallic Hydrogen යනුවෙන් හැඳින්වෙන මේ ලෝහය මේ පෘථිවිය මත පමණක්‌ නොව මුළු මහත් විශ්වයේ ද කොතැනකවත් නැත.

මහාචාර්ය සිල්වේරා සහ ආචාර්ය රංග ඩයස්‌ දෙදෙනාගේ ආරාධනය මත නියමිත දිනයේදී භෞතික විද්‍යාඥයන් පිරිසක්‌ පර්යේෂණාගාරයට රොක්‌ වූහ. හයිඩ්‍රජන් වායුවෙන් ලෝහ සාදන ආකාරය ඔවුන්ට බලා ගැනීමට සලස්‌වන ලද්දේ විශේෂ කාචයක්‌ තුළිනි. කාචය තුළින් බැලූ විට ඔවුන්ට පෙනුණේ දියමන්ති තුඩු දෙකකි. ඒ දෙක අතර හයිඩ්‍රජන් අණුවක්‌ තබා ඇති බව ආචාර්ය රංග ඩයස්‌ කීවද, එහෙත් වාතය ඇසට නොපෙනෙන බැවින් හයිඩ්‍රජන් අණුව ද ඔවුන්ට පෙනුණේ නැත. සුළු වේලාවකින් දියමන්ති තුඩු දෙක අතුරින් කුඩා අළු පැහැති අංශුවක්‌ හටගත්තේය. එය හයිඩ්‍රජන් ලෝහ අණුවක්‌ බව ප්‍රකාශ කළ මහාචාර්ය සිල්වේරා එය සෑදීමේ ක්‍රමවේදයද කීවේය. මුලින්ම හයිඩ්‍රජන් අණුව ෆැරන්හයිට්‌ අංශක 450 ට සිසිල් කරනු ලැබේ. මෙය පෘථිවිය මත ස්‌වභාවිකව නොපවතින ඉතාම අධික ශීතලකි. එසේ සිසිල් වන අතර අණුව පවතින්නේ දියමන්ති තුඩු දෙක අතරය. ඉන් පසු දියමන්ති තුඩු දෙක එකිනෙකට ළං කරමින් හයිඩ්‍රජන් අනුව සුවිශාල තෙරපීමකට ලක්‌කරනු ලැබේ. එය ප්‍රථිවි වායුගෝලය‍ේ පීඩනය මෙන් මිලියන 9.8 ගුණයකි. මේ පීඩනය ද ස්‌වාභාවික පෘථිවි ගෝලය මත නැත. එහෙත් එය පෘථිවියේ හරි මැද හෙවත් මධ්‍ය ලක්ෂ්‍යයේ පවතී. මේ පීඩනයට යටත් වන හයිඩ්‍රජන් අනුව ඝන බවට පත් වේ. එතැන් සිට එය විද්යුත් සන්නායක(විදුලිය ගමන් කරන) ලෝහයක්‌ බවට පත් වන බව මහාචර්ය සිල්වේරා සහ ආචාර්ය රංග ඩයස්‌ කියති.

ආචාර්ය රංග ඩයස්‌ සහ මහාචාර්ය අයිසැක්‌
සිල්වේරා සිය මිතුරු විද්වතුන් හමුවු මොහොත
ඔක්‌සිජන් වායුව අධික පීඩනයකට (පෘථිවි වායු ගෝලය මත ඇති පීඩනය මෙන් හාරසිය ගුණයක්‌) ලක්‌ කළ විට ද්‍රව බවට පත් වේ. එහෙත් එම දියරය විවෘත පරිසරයේදී වාෂ්ප වී යයි. පෙට්‍රෝලියම් ගෑස්‌ ද මෙසේම අධික පීඩනයකට ලක්‌ කළ විට ජලය වැනි ද්‍රව්‍යයක්‌ බවට පත් වේ. ඔබේ නිවසේ ඇති ගෑස්‌ සිලින්ඩරය තුළ ඇත්තේ එසේ දියර බවට පත් වූ ගෑස්‌ ය. මෙය හඳුන්වන්නේ LP ගෑස්‌ (ද්‍රව ඉන්ධන) හෙවත් Liquid Petroleum ලෙස ය. කෙසේ වුවද විවෘත පරිසරයකදී එම දියරය යළි වායුවක්‌ බවට පත් වේ. එහෙත් අධික පීඩනයට ලක්‌ව ලෝහයක්‌ බවට පත් වූ හයිඩ්‍රජන් විවෘත පරිසරය තුළදී නැවත වායුවක්‌ බවට පත් වන්නේ නැත. මේ නිසා වාණිජ මට්‌ටමින් අඩු පිරිවැයක්‌ යටතේ නිපදවිය හැකි නම් හයිඩ්‍රජන් ලෝහය විශාල වශයෙන් වැදගත් ය. මන්ද පෘථිවිය අභ්‍යන්තරයේ ඇති යකඩ නිධි සියල්ල පාවිච්චි කර අවසන් වූ දවසට හයිඩ්‍රජන් ලෝහයෙන් එම අඩුව පිරවිය හැකි බැවිනි.

වර්ෂ1935 දී හංගේරියානු විද්‍යාඥයකු වූ Eugene wigner සහ ඇමරිකනු විද්‍යාඥයකු වූ Hilland Bell Huntington යන දෙදෙනා හයිඩ්‍රජන් ලෝහය තැනීම සඳහා මුලින්ම පර්යේෂණ පවත්වා, හයිඩ්‍රජන් අනු අධික පීඩනයක්‌ යටතට පත් කර ලෝහ නිපදවිය හැකි බැව් න්‍යායක්‌ වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

හයිඩ්‍රජන් යනු විශ්වයේ පවත්නා සැහැල්ලු ද්‍රව්‍යයකි. එමගින් බර ලෝහයක්‌ සෑදීමට හැකිවීම පුදුම සහගත දෙයකි. විශේෂයෙන් ම එමගින් විදුලිය අපතේ නොයන සුපිරි සන්නායකයක්‌ ලෙස යොදා ගත හැකි ලෝහයක්‌ තැනිය හැකි නම් මතු යම් දවසකදී එය ආර්ථික වශයෙන් ඉතා වැදගත් වනු ඇත්තේ දැනට තිබෙන විද්යුත් සන්නායක සියල්ලෙන්ම විදුලිය බෙහෙවින් අපතේ යන බැවිනි.

2016/11/17

Sri Lankan Doctor has developed the world-first inhaled vaccine

 A team led by a Sri Lankan doctor Anushi Rajapaksha has developed a potential alternative for needle vaccination.She is the Lead Research Officer in Murdoch Children's Research Institute at Royal Children's Hospital.Lead researcher Dr. Anushi Rajapaksha said the biggest stumbling block in developing needle-free vaccination had been overcoming the fragile structure of vaccines. "Vaccines are proteins which are very sensitive to heat and forces.The problem has been getting them up in an aerial form, into a mist,"she said.Researchers from Murdoch Children's Research Institute and Monash University also hope to use the matchbox-sized device to deliver stem cells into the lungs of premature babies to repair their damaged tissue.This pre-clinical studies are published in the Respiratory journal showed this technology could create protective flu antibodies in the blood of sheep which have a similar lung structure to humans at levels considered significant by the World Health Organization.

2016/10/09

Infra-Red Camera of Dr.Sarath Gunapala

අාචාර්ය සරත් ගුණපාල මහතා විසින් නිපදවනු ලැබූ අධෝරක්ත කිරණ කැමරාව 1994 වසරේදී නාසා ආයතනය විසින් අඟහරු ග්‍රහයා වෙත යැවූ ෆාත්ෆයින්ඩර් යානයේ සවි කර තිබුණි.‍එමෙන්ම 2012 වසරේදී නාසා ආයතනය විසින් අඟහරු මත ගොඩ බස්වනු ලැබූ කියුරියෝසිටි රොබෝ යානයේ සවි කරන ලද සෑම් නම් උපකරණයේ ඇති ලේසර් නිර්මාණය කර ඇත්තේද ඒ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් විසිනි.
වැඩිදුර විස්තර  https://srilankanastronomy.blogspot.com/p/dr-sarath-gunapala.html මගින්!
ගමේ වෙල් යායක නියරක් මතින් මේ රොකට්ටුව ඉහළ නගින්නේ ඇපලෝ,වොයෙජර් යානාවල ගමන සිහිපත් කරමිනි.සඳට යාමට තවමත් තිවංකගේ රොකට්ටුව දියුණු මට්ටමේ නැත.කුරුණෑගල මාවතගම පදිංචි තිවංක නෙරංජන් වයඹ රාජකීය විදුහලෙන් ශිල්ප හදාරා මේ වනවිට මොරටුව ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ බල විදුලි ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය ලබයි.9 ශ්‍රේණියේ සිට රොකට්ටු සැලසුම් කළ මොහු Sky Touch-01 Rocket, Air Touch-03 Rocket,Air Touch-02 Rocket නිර්මාණය කළේය.මෙසේ වසර ගණනක පර්යේෂණ ප්‍රතිඵල ලෙස Hathor Aerospace -Sky Touch 01 යන මේ රොකට්ටුව නිපදවුණි.2007දී ඉන්දීය ජාත්‍යන්තර නව නිපැයුම් ප්‍රදර්ශනයට මව්බිම නියෝජනය කිරීමට ඔහු ඉදිරිපත් කළ විදුලි පෑස්සුම් උපකරණය,ශ්‍රී ලංකාවේ හොඳම නිපැයුම්කරුවාගේ නිර්මාණය ලෙස ජාත්‍යන්තරයේ පැසසුමට පවා ලක්විය.

2016/10/07

Correcting National flower of Sri Lanka

රටක ජාතික පුෂ්පය එරටට ආවේණික හෝ දේශීය ශාකයක් වීම අත්‍යවශ්‍ය තත්ත්වයක් වුවද නිවැරැදි මල වෙනුවට බොහෝ ප්‍රකාශනවල වූයේ විදේශයකින් මෙරටට හඳුන්වා දුන් පුෂ්පයකි.ශ්‍රී ලංකාවේ සැබෑ ජාතික පුෂ්පය ඉතා සියුමැලි අතර ළා නිල් දම් පැහැති වේ.කුඩා පෙති 9 - 23 අතර ගණනක් ඇත.පෙත්තක ලන්සාකාර ඉලිප්සාකාර හැඩයක් පවතින අතර රේණු ප්‍රමාණය 8 - 40ක් පමණ වේ.2015 මාර්තු 31 දින පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය සකස් කළ කැබිනට් පත්‍රිකාව අනුව අප රටේ ජාතික පුෂ්පය :
සිංහල නම: මානෙල්
විද්‍යාත්මක නාමකරණය: Nymphaea nouchali Burn.f.
දෙමළ නම: නීලොත්පලම්
ඉංග්‍රීසි නම: Blue Water Lily
ඉංග්‍රීසියෙන් Blue Water Lily ලෙස හැඳින්වුවද සිංහලෙන් නිල් මානෙල් ලෙස හඳුන්වා නොමැත්තේ මානෙල් යන පදය සෑදෙන්නේ මහ+නිල් යන දෙපදය සංයෝජනයෙන් බව භාෂා වියතුන් පෙන්වා දී ඇති බැවිනි.(මෙහි මහ යන්නෙහි අරුත උතුම් යන්න වේ).